මහනුවර ටවුමට උදෙන්ම ආපු තාත්තයි මමයි මාතලේ යන බස් එකකට නැගගත්තා. ඉතින් බස් එක හෝල්ට් එකට ගහපු ගමං මයි. අපි දෙන්න ඇරුනම තව හත් අට දෙනෙක් විතරයි නැගල හිටියෙ.
කොහොම වුනත් අපි වාඩිවුණේ දකුණු පැත්තෙ තියන ආසන දෙකක. ඒකෙනුත් මම වට පිට බලන්න ඕන කරපු නිසාම ජනේලෙ පැත්තෙන් වාඩිවුණා. උදෙන්ම ලාහිරු රැස් වැටිල මගේ අතෙන් හතරෙන් තුනක්ම එළිය වැටිලා. උදේ අව්ව “ඩී” විටමින් වලින් පරිපූර්ණ නිසා ඇඟට ගුනයි කියල ඉතිං මම විතරක් නෙවෙයි ඔයත් දන්නවනෙ. ඒක නිසා මට ගානක් වුණේ නැහැ. :D

එක දිගට එකම පැත්ත බලං ඉන්නකොටත් හරිම අමාරු නිසා, උදෙන්ම පන්ති යන නංගිලා මල්ලිලා කට්ටියක් දිහා ටික වෙලාවක් බලං ඉන්න පටන් ගත්තා. කොහොම වුනත් ඔහොම ඉන්නකොට මීදුමෙන් වැහිච්ච හන්තාන කන්ද මගේ දිහාම බලන් ඉන්නව වගේ මට හොරැහින් පේනව.

ඔහොම විනාඩි කීපයක් ගතවුණා. දැන්නම් බස්එක හොඳටම පිරිල. එකපාරම ඉස්සරහ දකුණු පැත්තේ තිබ්බ දොර ඇරල ඩ්රයිවර් බස් එකට නැග්ගා. ඇති යාන්තං කියල මම මටම කියා ගත්තා.
කොහොම වුනත් යම් වේගයකින් බස් එක දැන් ධාවනය වෙනව. ටික දුරක් ගෙවාගෙන ඇවිත් අපි කටුගස්තොට පාලමත් ඔන්න පහුකරා යාන්තමට.
ඒත් ඉතින් මාතලේට තව ගොඩක් දුරයිනෙ. මොනව කරන්නද ඉතින් වට පිට බල බලම ගිහින් මට එපා වෙලා හිටියෙ.

තාත්තට නම් ගමනේ තෙහෙට්ටුව ඉක්මනටම දැනිලද කොහෙද හොඳටම නිදි මම බලද්දි. පව්නෙ ඉතින් වයසයිනෙ කියල මට එකපාරටම හිතේ ඇතිවුනේ අනුකම්පාවක්. ඔන්න ඉතින් ටවුමෙන් ටවුම පසු කරගෙන බස් එක දිගටම යනවා. ඔය අතරෙ කොන්දොස්තර රන්ඩු වෙනව ඉතුරු සල්ලි ප්රශ්නෙකට, ඔය ප්රශ්නෙත් ඉරිසියාව වගේම අවසානයක් දකින්නැති ප්රශ්නයක්නෙ ඉතින්. :D

ඒ අස්සෙ මගේ මොබයිල් එක රිං වෙනවා. මම බැලුව කව්ද කියල. බැලින්නං අම්ම කතා කරනවා. මම ඉතින් කතා කරා අම්ම එක්ක. “පුතේ දැන් කොහෙද ඉන්නෙ ඔයාලා” අම්ම එහෙම ඇහුවා. “දැන් අඹතැන්න ටවුන් එක පහු කරල අම්මේ” මම උත්තර දුන්නා. “තාත්තා කෝ ලඟද ඉඳං ඉන්නෙ” කියල ඊළඟට අම්ම ඇහුවා. “ඔව් ළඟනං තමයි අම්මෙ ඉන්නෙ නං, හැබැයි හොඳටම නිදි, අනේ ඉතින් මහන්සි ඇති” කියල මම කිව්වම අම්මත් “ඔව් ඔව්” කියල උත්තර දුන්නා. “එහෙනං මාතලේට ගිහිං මට කතා කරන්න” කියල අම්ම “පුතාට බුදු සරණයි” කියලත් කිව්ව.

ඔයා දන්නවද? මට මොනව නැති වුනත් අම්මගෙ කටින් කරන ප්රාර්ථනාව ලෝකයක් වටිනව.

මම පොඩි අමතර දෙයක් ඔයාට කියන්නද? මතක තියාගන්න, ඔයාට යාලුවො ඕනතරං ඉන්න පුලුවං, ඊටත් ටිකක් එහා ගිය සමීපතමයෙක් ඉන්නත් පුලුවං, ඒත් ගොඩක් වෙලාවට එයාල ඉන්නේ සැපේදි විතරයි නේද? දුකේදි මගඅරිනව නේද? විස්වාසේ අන්තිමට කඩ කරනව නේද? ඒත් මතක තියා ගන්න දෙතනෙන් කිරි දීල හදපු වඩපු අම්ම විතරයි ඔයා ලඟ සදාකල් ඉන්නෙ කියල.

ඒ හින්ද අම්මව කවදාවත් අමතක කරන්න එපා. ඔයාව හදාගත්තනෙ මොනව උනත් අතපය කඩන්නැතුව.

හරි, පොඩ්ඩක් ඒ ගැන හිතන ගමන් අපි ආපහු කතාවට එමු.

පැයක් දෙකක් විතර දැන් පහුවෙලා, බස්එක ටිකක් වේගෙන් යනවා. කොහොම වුනත් එකපාරටම බ්රේක් එකක් ගැහුව. මම උඩ ගිහින් බිම වැටුනා, බැලින්නං තාත්තට වඩා සැරට නිදාගෙන තියෙන්නෙ මමයි. :D

මගේ සටහන මම මෙතනින් අදට නතර කරනවා. එක දිගටම කියවල ඔයාට දැන් කතාවෙ මුලත් මතක නැතුව ඇති. :D

හෙට තව ටිකක් ලියන්නං. මගේ කතාව රසවත් නේද? තවත් රසවත් සිදුවීම් ගොඩක් තියනව කියන්න. එහෙනං මම නවතිනවා. පුලුවන්නං හෙටත් එන්න හොඳේ.