ඊයේ මුලු දවසම ගතවුණේ මහනුවර. හදිසියෙම ලැබුණු ආරාධනාවක් උඩ මම අපේ ඔෆිස් එකේ කට්ටිය එක්ක නුවර ගියා.
අපේ යෙහෙලියෙක් ඊයේ විවාහ ගිවිස ගත්තා. ඉතින් ඒ වෙනුවෙන් උත්සවයක් තිබුනා “මහවැලි රීච්” හෝටලයේ. ඉතින් නොගිහින් බැහැනෙ.
දැන් තෙල් ගනන් හින්ද මම වාහනේ යන එක පැත්තකින් තියල කට්ටිය එක්ක බස්එකේ යන්න තීරණය කලා. 
උදේ 9.00ට ඒ.සී. බස් හෝල්ට් එකට එකතුවෙන්න කතා කරගත්තා. කට්ටිය එක එක වෙලාවට ආවා ඉතින් දන්නවනෙ වෙලාවට එන එක ගැන. 
ඔන්න ඉතින් ඒ.සී. බස්එක යන්න පටන් ගත්තා. ඒ.සී. කිව්වට යන්තම් සීතල හුලං පාරක් එනව එච්චරයි. හරිම රස්නෙයි, ටික වෙලාවකින් ඔන්න හාහූවක් යනව රස්නෙයි කියල. මිනිස්සු කෑ ගහනව “කෝ ඒ.සී. හුලං විතරයි. සල්ලිනං ගන්නව මහ ලොකුවට” කියල.
ඔන්න එතකොට පොඩි සීතල ගතියක් ආව, හැබැයි ඒකත් ඉතින් වැඩක් නං නැහැ.
කොහොමවුනත් ඉතින් ඔහොම ගියා. පෑලියගොඩ පහුකරා විතරයි වාහන පෝලිම අහස උසට.
මෙච්චර නුවරට කියල ලොකු ඊතලයක් ඇඳල තියෙනව හතරෙකණුවෙ, ඒ තිබිලත් ඉතින් නුවර පාර දිගේ පෝලිමට අපිගිය එකත් එකතුවුණා.
හෙමින් ඉබි ගමනෙ ඇදුණු වාහන පෝලිම යාන්තං පෑලියගොඩ ගුවන් පාලම පහු කරන්න පැයකට කිට්ටු කාලයක් ගියා.
හරියට ගියානම් නිට්ටඹුවට යන වෙලාව.
ඉතින් මොනව කරන්නද ඔහොම ගියා.
වේවැල්දෙණියට එද්දී මගදිගටම වේවැල් බඩුකඩ. පුලුවන් වෙලාවක තමන්ගෙම වාහනයක යද්දි වේවැල්දෙණියෙ නවත්තල පුටුවක් හරි අරගෙන යන්න. ලී බඩු සාප්පුවල තියෙන බඩු තරමටම වේවැල් බඩුත් අලංකාරයි, ස්වභාවිකයි නේද?
කොහොමහරි නුවරට යද්දි 2ට විතර ඇති.
ත්රීවීල් එකක නැගල අපි හෝටලේට ගියා.
හෝටලේට යනකොට හොඳ හොඳ සෙල්ලං ඉවරවෙලා. ඉතින් මනාලිට කතාකරල කෑමත් කාලා අපි ආයෙත් නුවරට ආවා ගෙදර එන්න කියල.
අනිත් කට්ටිය බස් එකට දාලා මම නැවතුණා ටිකක් ඇවිදින්නයි අම්මලට උඳුවැල් ටිකක්වත් ගන්නයි. හෙමිං හෙමිං පොද වැටෙනව අතේ කුඩේකුත් නැහැ, කොහොම උනත් දළදා මාළිගාව පැත්තට පයින්ම ඇවිත් උඳුවැලුත් අරගෙන ආවා වැවරවුම පැත්තට.
එහෙම එනකොට මට හිතුණා අතේ තිබ්බ කැමරා ෆෝන් එකෙන් පොටෝටිකක් ගන්න.
ඉතින් ඒ ගත්තුවා අප්ලෝඩ් කරා මගේ “ෆ්ලිකර්” ඇල්බම් එකට
http://www.flickr.com/photos/piyasatahan
පොඩි වෙලාවක් අරන් මගේ ඇල්බම් එක බලනව නේද? ඒක ඉතින් සතුටක්.
කොහොමහරි වැස්ස ටිකකින් අඩුවුණා. ගෙදර එන්න රෑවෙන නිසා මම කොළඹ බස් එකකින් ගෙදර ආවා.
ආයෙත් එළඹෙන සතිඅන්තයේ ආපහු නුවර තමයි ඉන්නෙ. එතකොට වෙච්ච දේවල් ගැනත් මම ලියන්නම්. එහෙනං මම නවතිනව. මගේ සටහන කියෙව්වට ස්තූතියි. ඔයාට මොනවහරි සතුටක් දැනුන නේද?
March 16, 2008 at 2:32 pm
බොහොම ආසාවෙන් කියෙව්වා ඔබ ලියූ සටහන්, මගේ ගම් ඉසව්වට මතකය අරගෙන ගියා අර පින්තූර ටික, වැව රවුම ,කුවීන්ස් හෝටලය අපූරුවට සටහන් වෙලා තිබ්බා.ස්තූතියි.දිගටම ලියන්න…
බෝ